Home / Uncategorized / උසස් පෙළ කලා අංශයේ බදුල්ලේ ප්‍රථමයා _ අශාන්

උසස් පෙළ කලා අංශයේ බදුල්ලේ ප්‍රථමයා _ අශාන්

මෙවර උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත්තේ බණ්ඩාරවෙල ධර්මපාල මහා විද්‍යාලයේ අශාන් ඉසුරංග පෙරේරා සිසුවාය.

වැලිමඩ ප්‍රදේශයේ පදිංචි අශාන් විද්‍යාලයේ 13 කලා අංශයේ බී ශ්‍රේණියේ ඉගෙනුම ලැබ තිබේ. ඔහු සිංහල මාධ්‍යයෙන් චිත්‍ර , සිංහල හා මාධ්‍ය යන විෂයන් හදාරා ඇති අතර සමස්ථ ප්‍රතිඵල අනුව කලා අංශයෙන් ඔහු ශ්‍රී ලංකාවෙන්ම 49 වන ස්ථානයේ පසුවේ.

දක්ෂ චිත්‍ර ශිල්පියෙකු වන අශාන් විහාරස්ථාන වලද සිතුවම් නිර්මාණය කරන අතරතුරම මෙම ජයග්‍රාහණය ලබා ගැනීම සුවිශේෂය.

අශාන් බදුල්ල නිවුස් සමග මෙසේ පැවසීය.
මම උපකාරක පන්තිත් ගියා. බාහිර වැඩ කරන අතරතුර තමයි මේ ජයග්‍රාහණය ලැබුවේ. මේ සදහා අම්මා වගේම විදුහල්පති තුමා ප්‍රමුඛ විදුහලේ ගුරුවරු ගොඩක් උදව් කලා. මගේ අනාගත බලාපොරොත්තුව තමයි චිත්‍ර විෂය සම්බන්ධව විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් හෝ වාස්තු විද්‍යාඥයෙක් වෙලා මගේ රටට සේවය කරන්න.

1

2

2-2

3

5

5-2

6

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *