ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ඌව පරණගම උණපාන ග්‍රාම නිළධාරි වසමේ නහකඩිය නව නිවාස යෝජනා ක්‍රමය සදහා මුල් ගල් තැබීම ඌව පලාත් සභා අමාත්‍ය උපාලි සමරවීර මහතා අතින් සිදුවිය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුග්‍රහය ඇතිව අඩු ආදායම් ලාභීන් සදහා ඉඩම් කට්ටිද ලබා දී මෙම ආරම්භ කල නිවාස යෝජනා ක්රමයේ නව නිවාස 25 ක් පමණ ඉදිකරන අතර එළබෙන අප්‍රේල් මාසයේදී වැඩ නිම කිරීමට නියමිත බැව් අමාත්‍ය වරයා කීය.
මෙම අවස්තාවට මහා සංඝරත්නය , ඌව පරණගම ප්රාදේශෘය සභාවේ හිටපු සභපතිනිය කාංචනා රුවන්මාලි මෙනවිය , රාජ්‍ය නිළධාරින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
( ප්‍රේමලාල් රත්නායක )