Home / Articles / දුෂ්කරතා මැද ජය ලබන නැදුන්ගමුව විදුහල් කාන්තා පාපන්දු කණ්ඩායම (photos )

දුෂ්කරතා මැද ජය ලබන නැදුන්ගමුව විදුහල් කාන්තා පාපන්දු කණ්ඩායම (photos )

පුහුණු කටයුතු ආරම්භ කර වර්ෂයක් වැනි කෙටි කාලයක් තුල ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත් කාන්තා පාපන්දු කණ්ඩායමක් ලෙස වැලිමඩ බ/නැදුන්ගමුව විද්‍යාලයේ පාපන්දු කණ්ඩායම කැපීපෙනේ.

ක්‍රීඩිකාවන් පාපන්දු ක්‍රීඩාවට යොමු නොවන ප්‍රදේශයක මෙම ලාබාල පාපන්දු ක්‍රිඩිකාවන්ගේ දක්ෂතා සුවිශේෂය.

විදුහලේ ක්‍රීඩා භාර ආචාරිණි ලලිතා කුමාරි මහත්මියගේ මෙහෙය වීමෙන් වැලිමඩ ක්‍රීඩා නිළධාරි හර්ෂ විජේසිංහ මහතා මෙම කණ්ඩායම පුහුණු කරයි.

ඔවුන් ක්‍රීඩා කරන ක්‍රීඩා පිටිය ක්‍රමවත් ක්‍රිඩා පිටියක් නොවන අතර නිසි කාණු පද්ධතියක් නොමැති බැවින් වර්ෂා දින වලදී ජලයෙන් පිරීයයි. ක්‍රීඩා පිටිය මැද හුබස් මෙන්ම විශාල වලවල් හා ගොඩලි සහිතය. තවද පාපන්දු ක්‍රීඩා කිරීමට අවශ්‍ය පාවහන් හෝ කොටු දැලක් පවා ඔවුන්ට නොමැත.

පාපන්දු කණ්ඩායමේ නායිකා අනුෂ්කා මධුවන්ති ප්‍රකාශ කලේ ආර්ථික අපහසුකම් මැද බොහොම අමාරුවෙන් පාපන්දු ක්‍රීඩාවේ තමන් නිරත වන බවත් අඩුම තරමින් පාපන්දු පාවහන් හෝ පරිත්‍යාග ශීලියෙක් තමන් හට ලබා දෙන්නේ නම් පාපන්දු ක්‍රීඩාවෙන් මීට වඩා ඉහල දක්ෂතා තමන්හට දැක්විය හැකි බවය.

අවම පහසුකම් යටතේ දක්ෂතා දක්වන මෙම සිසුවියන් හට උපකාර කිරීමට කැමති අය ඇතොත් අමතන්න.

දුරකථන අංකය – 071 3172084 / 071 6532661

a

b

e

f

i

j

k

l

n

p

q

s

t

u

v

w

y

z

( ප්‍රේමලාල් රත්නායක )

About premalal

Check Also

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අත් අඩංගුවට

  බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් මහගොඩයාය ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැති පුපුරනද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *