ශ්රාස්ත්රපති නුවරඑළියේ චන්ද්‍ර ජෝති නාහිමියන් උඩරට අමරපුර නිකායේ මහා නායක ධුරයට පත්ව තිබේ.
උඩරට අමරපුර නිකායේ මහා නායක ධූරය දැරූ රාජකීය පණ්ඩිත තෙරිපැහැ ශ්‍රී සෝමානන්ද නායක හිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව නුවරඑළියේ චන්ද්‍ර ජෝති නාහිමියන් උඩරට අමරපුර නිකායේ වැඩබලන මහා නායක ධූරය හෙබවීය.
විදුරුපොල ශ්‍රී සුමන්ගලාරාම විහාරස්ථානයට රැස්වූ උඩරට අමරපුර නිකායේ කාරක සංෂසාභාව ඒකමතිකව නුවරඑළියේ චන්ද්‍ර ජෝති හිමියන් නව මහා නායක ධූරයට පත් කරනු ලැබීය.
මෙයට සමගාමීව ශාසනය වෙනුවෙන් විශාල සේවාවක් සිදු කල කිහිපදෙනුක හට ගෞරව සම්මාන පිරිනැමීමද සිදුකලහ.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )