හම්බන්තොට වරාය සේවකයින්ගේ විරෝධතා ව්‍යාපාරය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී රොෂාන් ගුණසේකර මහතාට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේ ගුණරත්න විසින් පහර දී ඔහුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධව බදුල්ල නිවුස් හා වැලිමඩ මාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකී.
සත්‍ය තොරතුරු ජනතාවට වාර්තා කිරීමට එම ස්ථානයට ගිය මාධ්යවේදියාහට බජාර් එකේ චන්ඩියෙකු සේ හැදපැලදගෙන පහර දුන් නාවික හමුදාපති වරයාගේ සැබෑ නිරුවත මේ වන විට මුළු ලෝකයටම අවබෝධ වී තිබේ. කීර්තිමත් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙවැනි රස්තියාදුකාර නාවික හමුදාපති වරයෙක් සිටීම පිළිබදව සමස්ථ ශ්‍රී ලංකාවාසින් සියළු දෙනාම මේ වන විට ලැජ්ජාවට පත්ව තිබේ.
ජනතාව වෙනුවෙන් සත්‍ය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී රොෂාන් ගුණසේකරට තිරිසන් නාවික හමුදාපතිගෙන් එල්ලවූ මෙම මැර ප්‍රහාරය පිළිබදව යහ පාලන රජය අපක්ෂපාතී පරික්ෂණයක් සිදු කරනු ඇතැයි බදුල්ල නිවුස් හා වැලිමඩ මාධ්‍යවේදී සංගමය බලාපොරොත්තු වේ.