ඌව පරණගම දිසා රෝහල ප්‍රාදේශීය රෝහලක් බවට පත් කිරීමට එරෙහිව ප්‍රදේශවාසී ජනතාවගේ ඉල්ලීම අනුව ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය වරයා හා ප්‍රදේශවාසීන් අතර අද පස්වරුවේ පැවැත්වීමට යොදා තිබූ සාකච්ඡාව ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය වරයා හා බලධාරින් මග හැරීම නිසා දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇති විය.
බලධාරින් පැමිනෙන තුරු බලා සිටි සියගණනක් වූ ජනතාව පසුව රෝහල අසල සිට දැවැන්ත පෙලපාලියකින් අඹගස්දෝව මංසන්ධියට පැමැණි අතර එහිදී ඌව පරණගම වැලිමඩ මාර්ගය ස්ථාන දෙකකින් හරස් කරමින් විරෝධතාවයේ නියැලුනහ.
මාර්ගය අවහිර කර ටයර් පුළුස්සා බාල මහළු සියළු දෙනා රෝහල බේරා ගැනීමේ සටනට එක්ව සිටියහ.
ඌව පළාත් සභාවේ බලධාරින් තමන්ගේ හඩට කන්නොදුන්නහොත් ඉදිරියේදී දිවි පරදුවට තබා හෝ අනාගත පරපුර වෙනුවෙන් රෝහල බේරා ගැනීමේ සටන ගෙන යන බව පැවසූ විරෝධතා කරුවෝ ජනතා ඡන්දයෙන් තේරී පත් වූ බලධාරින්ගේ මෙම ක්‍රියා කලාපය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ද පැවසූහ.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද / ආර්. කෝගුලන් )