ඌව පරණගම ගලනිය ප්‍රදේශයේ ප්‍රදේශයම සුන්දර කරමින් තල් ගස් දෙකක විශාල මල් දෙකක් පිපි තිබේ.
තල් ගසක මලක් හට ගන්නේ ගසට අවුරුදු අසූවක් ඉක්ම ගිය පසුවය. විශේෂයෙන් තල් මලක් ගසක හට ගැනීම අහල ගම් හතකට අසුභයැයි ඇතැම් ජනතාව අතර මිත්‍යා මතයක් පවති.
අහල ගම් හතක් තල් මල් පිපුණු විට පාළු වේයැයි මතයක් පැවතීමට හේතුවී ඇත්තේ තල් මලක් පිපුණු විට එහි බීජ ලක්ෂ ගණනක් හට ගන්නා අතර එම බීජ විසිරී ගොස් තවත් තල් ගස් විශාල ප්‍රමාණයක් පැලවීමය. තවද තල් ගස පොලොවේ ශාරය අවුරුදු අසූවක් පමන කාලයක් උරා ගෙන මලක් හට ගෙන විනාශවී යන අතර මෙයින් මහ පොලොවට හෝ මිනිසාට සැලකිය යුතු ප්‍රයෝජනයක් අත් නොවෙති.
මෙම හේතුව නිසා තල් මලක් පිපුන විට අහල ගම් හතක් පාළු වන බව පැරැන්නෝ කියති.
( ප්‍රේමලාල් රත්නායක / ආර්. කෝගුලන් / මංජුල සමින්ද )