රජය මගින් යෝජනා කර ඇති රථ වාහන දඩ වලට විරුද්ධව වැලිමඩ හා ඌව පරණගම බස් රථ හා ත්‍රිරෝද රථ ක්ෂේත්රයේ පිරිස් වැලිමඩ නගරයේ අද පැවැත්වූ විරෝධතාවය හේතුවෙන් ඒ 5 මාර්ගය වැලිමඩ නගරයෙන් අවහිර කර තිබීම නිසා පැය 4ක පමණ කාලයක් රථ වාහන ධාවනය ඇණ හිට තිබින.
මෙහිදී වර්ජකයෝ දැඩි ආවේගශීලිව හැසුරුන අතර දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබින. වර්ජකයන් කියා සිටියේ රජයේ මෙම අධූරදර්ශී වැඩපිලිවෙල නතර කරන තුරු මෙම සටන අත්නොහරින බවය.
වැලිමඩ පොලිසිය ගෙනා අධිකරණ නියෝගයක් අනුව වර්ජනය අක්හිටුවීමට වර්ජකයින්ට සිදුවිය.
( මංජුල සමින්ද / ප්‍රේමලාල් රත්නායක / ආර්.කෝගුලන් )