ජාතික ආහාර සුරක්ෂිතතා සතියට සමගාමීව වැලිමඩ නගරයේ ආහාර අලෙවි සැල් පරික්ෂා කිරීම ඊයේ සිදු කෙරින.
වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම හදිසි පරික්ෂාව සිදු කල අතර මෙහිදී වෙළද සැල් 39 ක් පරික්ෂා කලහ. ඒ අතරින් මිනිස් පරිභෝජනයට නුසුදුසු අහාර ද්‍රව්‍ය අලෙවි කල වෙළදසැල් 03 නඩු පැවරීමට කටයුතු කල අතර වෙළද සැල් 12 ට අවවාද කිරීම් සිදු කලහ. මෙම සෝදිසිකිරීම් වලදී හමුවූ මිනිස් පරිභෝජනයට නුසුදුසු රුපියල් 40000 ක පමණ ආහාර ද්‍රව්‍යද විනාශ කලහ.
( premalal Rathnayaka / Manjula Saminda )