Home / Uncategorized / ඌවේ අයවැයේදී සන්ධානයේ පිරිසක් ඡන්දයෙන් වැලකී සිටීද ? මහ ඇමතිට අලියාගේ පිහිටද ?

ඌවේ අයවැයේදී සන්ධානයේ පිරිසක් ඡන්දයෙන් වැලකී සිටීද ? මහ ඇමතිට අලියාගේ පිහිටද ?

දෙසැම්බර් 02 දා ඡන්දය විමසීමට නියමිත ඌව පළාත් සභාවේ 2017 අයවැයේදී පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රභලයෙකු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරුන් හත්දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මෙසේ ඡන්දය දීමෙන් වැලකී සිටින්නේ ප්‍රධාන අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහිව බැව් වාර්තා වේ.

මේ වන විට ප්‍රධාන අමාත්‍ය වරයා 2017 අයවැය සම්මත කර ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීමේ දැඩි සටනක නිරත වන බැව් පලාත් සභා ආරංචි මාර්ග පවසයි.

( පළාත් සභා වාර්තාකරු )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *