Home / Uncategorized / වැලිමඩ ඌවපරණගම වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය සේවයෙන් ඉවත් වේ_ රජයේ වෛද්‍ය නිළධාරි සංගමයේ වැලිමඩ ශාඛාවේ ලේකම් වෛද්‍ය නාමල් ප්‍රේමරත්න

වැලිමඩ ඌවපරණගම වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය සේවයෙන් ඉවත් වේ_ රජයේ වෛද්‍ය නිළධාරි සංගමයේ වැලිමඩ ශාඛාවේ ලේකම් වෛද්‍ය නාමල් ප්‍රේමරත්න

2017 අයවැය යෝජනා මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ගෙන ඒමට යෝජනා කර ඇති අහිතකර යෝජනා වලට එරෙහිව ඌව පළාතේ සියළු වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය සේවාවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

පෞද්ගලික වෛද්‍ය සේවයෙන් ඉවත් වීම අද සිට දින 03 ක් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගන්නා බව රජයේ වෛද්‍ය නිළධාරි සංගමයේ වැලිමඩ ශාඛාවේ ලේකම් නාමල් ප්‍රේමරත්න මහතා බදුල්ල නිවුස් වෙත පැවසීය.

මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් අද දින වැලිමඩ සහ ඌව පරණගම ප්‍රදේශවල රෝහල් රෝගීන්ගෙන් පිරීගිය අතර ප්‍රේමරත්න මහතා සදහන් කරන්නේ රජය ආදායමක් ලබා ගැනීමට මෙම බදු මුදල් වෛද්‍ය සේවාවන් මත පැනවුවත් මින් සිදු වන්නේ රජයේ සෞඛ්‍ය වියදම් තවත් ඉහල යන බවය.එයට හේතුව ලෙස ඔහු සදහන් කරන්නේ පෞද්ගලික වෛද්‍ය සේවාවෙන් ප්‍රතිකාර ලබා ගන්නා විශාල රෝගීන් ප්‍රමාණයක් මෙම වර්ජනය හේතුවෙන් රජයේ රෝහල් සදහා ප්‍රතිකාර සදහා යොමුවීමෙන් රජයේ රෝහල් වල සෞඛ්‍ය වියදම් තවත් ඉහල යන බවය.

රජයේ වෛද්‍ය නිළධාරි සංගමය මගින් පෙන්වා දෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයට අහිතකර යෝජනා පහතින් දක්වා තිබේ.

img_1246

( මංජුල සමින්ද / ප්‍රේමලාල් රත්නායක )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *