උමා ඔය ව්‍යාපාරයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ ගැටළු සොයා බැලීමට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා 23 වන දා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතය.
තමන් හට නොදන්වා පැමිණිම පිළිබදව බදුල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර මෙම කරුණ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී ඊයේ බහින්බස් වී ඇති වීමට ගිය ගුටිබැට හුවමාරුව එම ස්ථානයේ සිටි දේශපාලඥයින් කිහිප දෙනෙකු විසින් සමතයකට පත් කරන ලදී.
මෙහිදී චමින්ද විජේසිරි මහතා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හට කියා සිටියේ ඇයි මට නොකියා මගේ වැයිකියට එන්නේ. මට නොදන්වා කොහොමද දිසාපති මෙහෙම දේවල් සංවිධානය කරන්නේ . මම ඔය දිසාපතියගේ බෙල්ල ගලවනවා යැයිද චමින්ද විජේසිරි මහතා ඒ අවස්ථාවේ ආවේගශීලිව ප්‍රකාශ කර සිටි අතර අපි මේක බදාදට බලාගමුයැයිද පවසා තිබේ. මෙහිදි කෝපවු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බලා ගන්න තියෙන දෙයක් දැන් බලාගමුයැයි පවසා චමින්ද විජේසිරි මහතාට අභියෝග කර තිබේ.
කලක පටන් මොවුන් දෙදෙනා අතර තිබෙන බල අරගලයේ හා සීතල යුද්ධයේ ප්‍රතිපලයක් ලෙස මෙම ගැටුම ඇතිවී ඇතැයි වාර්තා වේ.