කදුකරයට පවතින දැඩි මීදුම් තත්වය හේතුවෙන් රථ වාහන ධාවනයේදී වඩාත් සැලකිළිමත් වන ලෙස පොලිසිය රථ වාහන රියදුරන්ට දැණුම් දේයි.
බදුල්ල_ කොළඹ මාර්ගයේ හපුතලේ _ බෙරගල කොටසේ සහ බදුල්ල_ නුවරඑළිය මාර්ගයේ හග්ගල කොටසේද අධික මීදුම් තත්වයක් පවතී.
උදෑසන සහ සවස් කාලයේදී මීදුම අධික බැවින් රථ වාහන ධාවනයේදී වඩාත් සැලකිලිමත් වන ලෙස රියදුරන්ය දන්වා සිටී.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )