Home / Uncategorized / උමා ඔයේ ඉරානුන්ට සැප දෙන්න ගණිකා ජාවාරමක් _ බලධාරින් නිදි

උමා ඔයේ ඉරානුන්ට සැප දෙන්න ගණිකා ජාවාරමක් _ බලධාරින් නිදි

උමා ඔය ව්‍යාපාරයේ සේවය කරනු ලබන ඉරාන ජාතිකයන් හට ඉහල මිල ගණන් වලට ගණිකාවන් සැපයීමේ සංවිධානාත්මක ජාවාරමක් පවතින බව වාර්තා වේ.

උමා ඔය ව්‍යාපාරයේ වඩ බිම් පවතින කරදගොල්ල , ඩයරබා_ මිරහවත්ත ආදී ප්‍රදේශවල ඉරාන ජාකිතයන් සේවය කරන අතර ඔවුන් හට අවට ප්‍රදේශවල කාන්තාවන් ගණිකා ලෙස ඉහල මිල ගණන් වලට සැපයීමේ මෙම ජාවාරම සිදුවන බැව් ප්‍රදේශවාසීන් කියයි.

වැඩබිම් අවට කාන්තාවන් මෙන්ම වැලිමඩ, බණ්ඩාරවෙල , ඇල්ල ආදී ප්‍රදේශවල කාන්තාවන්ද මේ වන විට ඉරාන ජාතිකයන් ඉලක්ක කර ගෙන ගණිකා වෘත්තියේ නිරත වන බැව් වාර්තා වන අතර මේ සදහා උමා ඔය ව්‍යාපාරයේ සේවය කරන දේශීය සේවකයින්ගේද සහය ලැබෙන බැව් කියවේ. මේ හේතුව නිසා ප්‍රදේශයේ සමාජ රොග ව්‍යාප්ත විමේ තත්වයක්ද ඇති වී තිබෙන අතර කාන්තාවන් රැගෙන යෑමට රථ වාහන රැසක්ද යොදාගෙන ඇති බව ප්‍රදේශ වාසින් කියති.

මුළු ප්‍රදේශයම දන්නා ප්‍රසිද්ධ රහසක් වී ඇති මෙම ගණිකා ජාවාරම මැඩ පැවැත්වීමට නිතිය රකින බලධාරින් කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බව ප්‍රදේශයේ ජනතාව කියති.

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *