වැලිමඩ ඔරලෝසු කණුව අසල පිහිටි බස් නැවතුම්පොල කඩා වැටීමට ආසන්න තත්වයේ පවතින අතර මේ හේතුවෙන් මගී ජනතාව දැඩි පීඩාවට පත්ව තිබේ.
ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ හා නැදුන්ගමුව මාර්ගයේ ගම්මාන රැසකට ගමන් ගන්නා ලංගම හා පෞද්ගලික බස් රථ වල ප්‍රධාන නැවතුම මෙම බස්නැවතුම් පොලයි. මේ වන විට බස් නැවතුම් පොලෙහි වහලය ගැලවී කඩා වැටීමට ආසන්න තත්වයේ පවතී. එමෙන්ම ඇතැම් පුද්ගලයන් මූත්‍රා කිරීමට හා කැළි කසල බැහැර කිරීමටද යොදා ගන්නේ මෙම බස් නැවතුම් පොලයි. සිය ගනනක් වූ මගී ජනතාවට මෙන්ම බස් රථ සේවකයන්ටද අව්වට හෝ වැස්සට විසීමට තැනක් නොමැත.
මෙම බස් රථ ප්‍රධාන බස් නැවතුම් පොලෙන් මෙම ස්ථානයට බලධාරින් ගෙන ආවේ පෞද්ගලික න්‍යාය පත්‍ර වෙනුවෙන් බැව් පවසන ජනතාව තම වාසියට තාවකාලිකව ඇටවු බස් රථ ගාලකට බස් නැවතුම ගෙනත් සිය ගණනක් වූ ජනතාව අසරණ කල බව කියති. මේ වන විට මගී ජනතාව විදින දුක කම්කටොලු පෙනෙන්නේ බලධාරින්ට නොව උඩ ඉන්න දෙවියන්ට බවයි.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )