බණ්ඩාරවෙල හිල්ඔය මැදපේරුව ප්‍රදේශයේ 14 වන දින උදෑසන කුඹුරු යායක් ඉරිතලා අඩි දහයක පමන ආවටයක් සෑදෙන ආකාරයෙන් ගිලා බැසීමක් සිදුව තිබේ.
ප්‍රදේශවාසින් ප්‍රකාශ කරන්නේ අසාර්ථක උමා ඔය ව්‍යාපාරයේ උමග මෙම කුඹුරු යායට යටින් ගමන් කිරීම නිසා මෙම ගිලා බැසීම සිදුව තිබෙන බවය. මෙම කුඹුරු යාය අවට විශාල නිවාස සංඛ්‍යාවක් පිහිටා තිබීම නිසා දැඩි අවධානම් තත්වයක් මතුව ඇතැයිද ජනතාව කියති.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )