Home / Uncategorized / දෙනෙත් අන්ධ සහෝදරයන් රැකබලා ගන්නා විශ්‍රාමික සෙබලාට පිහිට වෙමු ( Photos )

දෙනෙත් අන්ධ සහෝදරයන් රැකබලා ගන්නා විශ්‍රාමික සෙබලාට පිහිට වෙමු ( Photos )

වැලිමඩ මැතිවරණ කොට්ඨාශයේ බොරලන්ද ගලබඩගම බත්ගොඩපතන ගම්මානයේ තම මන්ධමානසික දෙනෙත් අන්ධ සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය ඉතා අසීරුවෙන් රැක බලා ගන්නා විශ්‍රාමික යුධ හමුදා නිළධාරියෙකු වන එච්.ඩී.එස්. සෝමරත්න මහතාහට ඔබ සැමගේ උදව් උපකාර අවශ්‍යව තිබේ.

දෙදරු පියෙක් වන සෝමරත්න මහතා තම පවුලේ කටයුතු වලට අමතරව තම දිවියම කැප කර ඇත්තේ අසීරුවෙන් දිවිගෙවන මව් පියන් අහිමි තම සහෝදරිය හා සහෝදරයන් දෙදෙනා රැක බලා ගැනීමටය. ඔවුන් ගේ දෙනෙත් අන්ධ අතර කථා කිරීමට නොහැකිය. මන්ධ මානසික තත්වයෙන් සිටින ඔවුන්ගේ සියළුම දෛනික කටයුතු පවා කිරීමට සිදුව ඇත්තේ මොහු හටය.

මේ වන විට ඔවුන් දිවි ගෙවන නිවාසයද ගිලා බැසීමට ලක්ව එම ස්ථානයෙන් ඉවත්ව යෑමට ඔවුනට සිදුව තිබේ. දරුවන් මව්පියන් මහ මග අතහැර යන යුගයක තම සහෝදරයන් සෝමරත්න මහතා රැක බලා ගන්නා ආකාරය රටටම ආදර්ශයකි.

මේ වන විට ආබාධිත සහෝදරයන් හට ආහාරපාන පවා ලබා දීමට සෝමරත්න මහතාගේ ආර්ථික තත්වය අනුව අපහසුව තිබේ. තවද ගිලා බසින නිවස වෙනුවට වෙනත් නිවසක් ඉදිකිරීමට හෝ ඔවුනට ආර්ථික ශක්තියක් නොමැත.

සෝමරත්න මහතා සිදු කරන මේ මහා කැප කිරීමට ඔබටත් හැකි අයුරින් දායක විය හැකියි.

එච්.ඩී.එස්. සෝමරත්න මහතාගේ දුරකථන අංකය – 077 0105252
Badulla News – 071 3172084 / 071 6532661

1

2

3

4

5

6

7

8

9

10

11

12

( Premalal Rathnayaka / Manjula Saminda )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *