ඌව පරණගම බෝඹුරුඇල්ල ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් සමග නව සංචාරක කලාපයක් ඉදිකිරීමට නියමිත බව ඌව පළාත් අමාත්‍ය උපාලි සමරවීර මහතා බදුල්ල නිවුස් වෙත පැවසීය.
උමා ඔය ආරම්භයේදී කඩා හැලීමෙන් සුන්දර බෝඹුරු ඇල්ල නිර්මාණය වන අතර මෙහිදී ප්‍රවේශ මාර්ග , ආරක්ෂිත නාන තටාක , වෙළද සැල් , වන සතුන් නැරඹීම සදහා පහසුකම් ඇතුළු සංචාරකයින් සදහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.
තවද ඉහල කදුකරයේ ඇල්ල අවට සුන්දරත්වය නැරඹීමට කේබල් කාර් ව්‍යාපෘතියක් ඇමෙරිකාණු පුරවැසියෙකු වන ශ්‍රී ලාංකිකයෙකුගේ ආයෝජන මත ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර මෙම සංවර්ධන කටයුතු හරහා ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකයද වර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.
මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු නිරික්ෂණය සදහා ඌව පළාත් අමාත්‍ය උපාලි සමරවීර , ඌව පරණගම ප්‍රදේශීය ලේකම් චමිල ඉංදික , ඌව පරණගම ප්‍රදේශීය සභාවේ ලේකම් ඩී.ජී. කුමාරසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )