Home / Uncategorized / උතුරේ තරුණයින් දකුනේ පැල සිටුවයි ( photos )

උතුරේ තරුණයින් දකුනේ පැල සිටුවයි ( photos )

ජාතීන් අතර සංහිදියාව ප්‍රායෝගිකව ක්‍රියාවට නංවමින් වන රෝපා රුක් රෝපණ මාසයට සමගාමීව උතුරේ තරුණයින් පිරිසක් දකුනේ පැල සිටුවීමේ වැඩසටහනක් බොරලන්දේදී පැවැත්වින.

බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලය හා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබින. මෙම පැල සිටුවීම සදහා බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලබන උතුරු හා නැගෙන හිර පළාත් වල තරුණයින්ගේ ශ්‍රම දායකත්වය ලබා ගෙන තිබින.

බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලය ආශ්‍රිතව ඉදිකරන ලද වැව ආශ්‍රිතව මෙම පැල සිටුවීම සිදු කල අතර හද බිම අධිකාරිය මගින් මේ සදහා පැල 1000 ක් ලබා දී තිබින. මෙලෙස පැල සිටුවීම නිසා ජල රක්ෂිත ආරක්ෂා වීම නිසා ගොවි පවුල් විශාල ප්‍රමාණයකට සෙත සැලසේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය නන්දසේන හේරත් , වැලිමඩ ප්‍රාදේශීය ලේකම් ඥාණා නවරත්න , බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ වැඩබලන පොලිස් ස්ථානාධිපති උපාලි දයානන්ද යන මහත්ම මහත්මීන් හා ප්‍රදේශයේ පාසැල් දුවා දරුවන් පිරිසක්ද ප්‍රදේශවාසීන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.

a

b

d

f

g

h

j

k

l

m

o

p

u

v

w

x

y

z

( මංජුල සමින්ද / ප්‍රේමලාල් රත්නායක )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *