උඩුපුස්සැල්ලාව කර්කිල්ස් ඉහල කොටසේ අර්තාපල් වගාවක් සතුන්ගෙන් ආරක්ෂා කිරීමට අනවසරයෙන් යෙදු විදුලි රැහැනක පැටලී 54 හැවිරිදි ගොවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිය ගිය තැනැත්තා රාත්‍රී කාලයේ තම වගාව වටා අනවසර විදුලි රැහැන් අදිමින් සිටියදී මෙම ඉරනමට ගොදුරුවී ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලිවී තිබේ.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )