දෛනික වැටුප රුපියල් 1000 ක් කරන ලෙස ඉල්ලා වැලිමඩ ප්‍රදේශයේ වතු කම්කරුවන් බොරගස් ප්‍රදේශයේදී විරෝධතාවයක නිරත විය.
මාර්ගයේ ටයර් පුළුස්සා මාර්ගය අවහිර කර පැවති විරෝධතාවයෙන් බදුල්ල නුවරඑළිය මාර්ගය පැයක පමණ කාලයක් අවහිර වූ අතර ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූහ.
මෙහිදී වතු කම්කරුවන් කියා සිටියේ එළඹෙන දීපවාලි දිනට ප්‍රථම තම වැටුප් ඉහල නංවන ලෙස බලධාරින්ට බල කර සිටින බවය.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද / ආර්. කෝගුලන් )