කදුකරයේ මේ දිනවල බහුලව සිදුවන ගිනි තැබීම් හේතුවෙන් උස් කදු වල සිටින දිවියන් ගම්වැදීමට පටන් ගෙන ඇතැයි ජනතාව කියති.
ඊයේ රාත්‍රි කාලයේදී වැලිමඩ කොස්කණුවෙල ගම්මානයට කඩා වැදුණු දිවියෙකු බැද තිබූ මී ගවයෙකු මරා මස් කා ගොස් තිබේ.
ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරනුයේ තම ගම්මානවලට මීට පෙර දිවියන්ගේ බියක් දැනී නොමැති අතර දැන් තමන් භීතියට පත්ව ඇති බවත්ය.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද / ආර්. කෝගුලන් )