වැලිමඩ අඩු ආදායම් ලාභී පවුල් වල නිවාස අළුත් වැඩියා කර ගැනීම සදහා නොමිලයේ සිමෙන්ති බෙදා දීමේ තවත් එක් අදියරක් අද වැලිමඩ නගරයේදී සිදු කෙරින.
වැලිමඩ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක , කම්කරු හා වෘත්තීය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධනත්වයෙන් පැවති මෙම සිමෙන්ති බෙදා දීමේ වැඩසටහන පැවැත්වින. නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක මෙම වැඩසටහන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කෙරේ.
වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩක් නිම කල නිවාස 221 ක් සදහා මෙම වැඩසටහන යටතේ සිමෙන්ති ලබා දීමට සැලසුම් සකස් කර තිබේ.
( මංජුල සමින්ද / ප්‍රේමලාල් රත්නායක / ආර්. කෝගුලන් )