පසුගිය 21 වන දා සැත්කමක් සදහා මහියංගන මූලික රෝහලට ඇතුලත් කරන ලද ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ ශල්‍යකර්මය සාර්ථකව සිදුකල බව මහියංගන මූලික රෝහලේ අධ්‍යක්ෂක සෙනරත් බණ්ඩාර මහතා කියා සිටියේය.
නායක තුමාගේ උදරයේ මතුවූ රෝගි තත්වයක් හේතුවෙන් ශල්‍යකර්මයක් කිරීමට සිදුව තිබේ.
මෙහිදී ආදිවාසි නායක තුමන් කියා සිටියේ තමන්ගේ රෝගි තත්වය දැන් හොද බවත් මහියංගන රෝහලේ කාර්ය මණ්ඩලය ගොඩක් උදව් කල බවත්ය.
( රංජිත් කරුණාවීර )