ඓතිහාසික මහියංගන ඇසල මහා පෙරහැරට සමගාමීව මහිංයංගන සුමන සමන් දේවාලය අභියස වාර්ෂික වැදි පෙරහැරද පැවැත්වින.
සමන්දේවාලයේ බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද මහතා විසින් සම්ප්රධායික ලෙස ආදීවාසී පෙරහැර ආරම්භ කිරීම සදහා මී පැනි ආදිවාසීන් වෙත බෙදා දීමෙන් අනතුරුව ආදි වාසින් මීපැනි ඔවුන්ගේ ඇගේ ගල්වා ඒ මත පුළුන් අලවා දිග රිටි ගෙන පෙරහැර ආරම්භ කලේය.
සම්ප්රධායික ආදිවාසින්ගේ රංගනයේ යෙදෙමින් බුදු හිමියන්ගේ ප්රථම ලංකා ගමනයද සිහි කලේය.
( රංජිත් කරුණාවීර )