වැලිමඩ දඹවින්න ප්‍රදේශයේදී අද දහවල් ඇතිවූ හදිසි ගින්නකින් ලංකා විදුලි බල මණ්ඩලයේ වැලිමඩ කාර්යාලයට අයත් ලී විදුලි කණු තොගයක් ගිනි ගෙන විනාශ වී තිබේ.
දඹවින්න ප්‍රදේශයේ කෝවිලක උත්සවයක් අතර තුර ගමන් ගත් පෙරහැරක ගෙන ගිය ගිනි කබලක් මාර්ගය අයිනේ දමා යාම නිසා මෙම ගින්න හටගත් බව ප්‍රදේශවාසින් පවසති. මෙලෙස හට ගත් ගින්න අසල වූ රක්ෂිතයට ඇවිලී ඇති අතර ඉන් පසු මාර්ගය ආසන්නයේ ගබඩා කර තිබූ ලී විදුලි කනු තොගයටද ඇවිළි ඇති අතර විදුලි කණු අසූවක් මෙලෙස ගිනිගෙන විනාශ වි තිබේ‘
මෙලෙස විනාශ වු කණු තොගයේ වටිනාකම ලක්ෂ හය හමාරකට අදික බව විදුළි බල මන්ඩලයේ වැලිමඩ කාර්යාලයේ නිළධාරියෙක් බදුල්ල නිවුස් වෙත පැවසීය.
ප්‍රදේශවාසින් හා ලංවීම නිළධාරින් එක්ව ගින්න නිවා දැමීමට මහත් පරිශ්‍රමයක් දැරීය.
සිද්ධිය සම්බන්ධව වැලිමඩ පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )