දියතලාව ගල් කන්ද රජයේ වන වගාවේ ඇතිවූ ගිනි ගැනීම පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ.
ප්‍රදේශයට මේ දිනවල වියළි කාලගුණ තත්වයක් පවතින අතර මෙම ගින්නෙන් අක්කර පහක් පමණ විනාශ වී තිබේ.
පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව දැඩි පරිශ්‍රමයක් දරා මෙම ගින්න මැඩපවත්වා තිබේ.
( ප්‍රේමලාල් රත්නායක / ආර්.කෝගුලන් )