දෙරණ රූපවාහිනී නාලිකාව මගින් ක්‍රියාත්මක කරන මාසයේ හොදම ප්‍රවෘත්තියට සම්මාන පිරිනැමීමේ වැඩසටහන යටතේ 2016 මැයි මාසයේ හොදම ප්‍රවෘත්තියට හිමි සම්මානය බදුල්ල ප්‍රාදේශීය මාධ්‍යෙව්දී අරුණ ජයලත් මහතා විසින් දිනා ගැනීමට සමත් විය.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කල ප්‍රථම මාසයේදීම මෙලෙස මෙම සම්මානය දිනා ගැනීම මෙහි ඇති විශේෂත්වයයි. බදුල්ල සොරනාතොට මහකැලේ ගම්මානයේ විදුලිය නොමැති පවුල් සම්බන්ධව කරන ලද ප්රවෘත්ති අනාවරණය සදහා මෙම සම්මානය හිමි විය.
මීට අමතරව 2015 රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොදම කාලීන ප්රවෘත්ති වාර්තාකරණය සදහා වූ ලයිව් ඇට් එයිට් 8 ට කියන්න වැඩසටහනට අදාල ප්‍රවෘත්තිය වාර්ථාකරණය කරන ලද්දේද අරුණ ජයලත් විසිනි.
ප්‍රදේශයේ ජනතාවගේ දැවෙන ප්‍රශ්ණ වාර්තාකරණයේ නියැලෙමින් සිය මාධ්‍ය ආවරණ කටයුතු මැනවින් ඉටු කරන බදුල්ල ප්‍රාදේශීය මාධ්‍ය වේදී අරුණ ජයලත් මහතාට බදුල්ල නිවුස් සුභ පැතුම් ගෙන එන අතර ඉදිරි මාධ්‍ය කටයුතු සාර්ථක වේවායි පතමි.
( මංජුල සමින්ද / ප්‍රේමලාල් රත්නායක )