ඊයේ දින උමා ඔය ව්‍යාපෘතියේ මාධ්‍ය ආවරණයට ගිය සහෝදර මාධ්‍යෙව්දියෙකුට මුහුණ දීමට සිදුවූ අවාසනාවන්ත සිදුවීමේදී වහා ක්‍රියාත්මක වූ වැලිමඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනුරාධ හේරත් මහතා මාධ්‍ය වේදියාට කැමරා උපකරණ උමා ඔය සේවකයින් භාරයෙන් නැවත ලබා දීමටත් එම ස්ථානයෙන් ආරක්ෂිතව පිටව යෑමටත් අවශ්‍ය කටයුතු සිදු කරන ලදි.
මාධ්‍ය වේදියෙකු යම් තර්ජනයකට ලක් වූ අවස්ථාවක වහා ක්‍රියාත්මක වී ඔහුගේ ආරක්ෂාව සපයා දෙමින් ද අදාල කැමරා උපකරණ කිසිදු හානියකින් තොරව නැවත මාධ්‍ය වේදියාට ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙනුත් බදුල්ල නිවුස් වැලිමඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනුරාධ හේරත් මහතාට ස්තුතිය පුද කර සිටී.
( මංජුල සමින්ද / ප්‍රේමලාල් රත්නායක / ආර්. කෝගුලන් )