උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ පුහුල්පොල වැඩ බිමේ මාධ්‍ය ආවරණ කටයුත්තක් සදහා ගිය සිරස මාධ්‍යෙව්දී චන්දන කුරුප්පු ආරච්චි මහතාට ඊයේ එම වැඩබිමේ සේවයේ නියුතු ඉරාන සේවකයන් විසින් බාධා එල්ල කර තිබේ.
කැමරාව උදුරා ගනිමින් තර්ජනය කරමින් හා බැන වදිමින් මෙලෙස තර්ජන එල්ල කර ඇති අතර එම ස්ථානයෙන් පිට වීමට නොදී ලොරි රථ දමා මාර්ගයද හරස් කරමින් මෙම බාධා කිරීම් සිදු කර තිබේ. මෙම ව්‍යාපෘතියේ නිළධාරියෙකුගේ ඉල්ලීමක් මත මෙලෙස මාධ්‍ය ආවරණ කටයුතු සදහා එහි ගිය බවත් මාධ්‍ය ආවරණ කටයුතු නිමා කර එම ස්ථානයෙන් පිටවීමට යන අවස්ථාවේ මෙම සිදුවීම සිදුවූ බවත් චන්දන මහතා බදුල්ල නිවුස් අප වෙත පැවසීය.
කෙසේ වෙතත් වැලිමඩ පොලිස් ස්ථානාධිපත් අනුරාධ හේරත් මහතා වහා ක්‍රියාත්මක වී සිරස මාධ්‍ය වේදියාගේ කැමරා උපකරණ නැවත සේවකයින් භාරයෙන් ලබා දීමටත් එම ස්ථානයෙන් කිසිදු ගැටළුවකින් තොරව පිටවී යාමටත් අවශ්‍ය කටයුතු සලසා දෙන ලද අතර දෙපාර්ශවයම පොලිසියට කැදවා සිද්ධිය සමතයකට පත් කරන ලදී.
මංජුල සමින්ද / ප්‍රේමලාල් රත්නායක / රත්නම් කෝගුලන්