බොරලන්ද හපුතලේ මාර්ගයේ හින්නාරංගොල්ල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් දිවිනැගුම සංවර්ධන නිළධාරි වරයෙකු අනූ නවයෙන් දිවි බේරා ගෙන තිබේ.
හපුතලේ සිට බොරලන්ද දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අදාල දිවිනැගුම සංවර්ධන නිළධාරි වරයා ගමන් ගත් යතුරු පැදියේද ගැටී අසල වූ නිවසක ගරාජයක් මතට වැටී තිබේ. මෙම අනතුරින් දිවිනැගුම සංවර්ධන නිළධාරි වරයා බරපතල තුවාල ලබා ඇති අතර ඔහු වෛද්‍ය ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ. මෙසේ තුවාල ලබා ඇත්තේ බොරලන්ද දිවිනැගුම බැංකුවේ සහකාර කළමණාරු ලෙස සේවය කරන ලලිත් පුෂ්ප කුමාර නැමැත්තෙකි.
ගරාජය තුල නවතා තිබූ ත්‍රී රෝද රථයකට හා කාර් රථයකටද මෙම අනතුරෙන් දැඩි හානි සිදුව තිබෙන අතර අනතුර සිදු කල මෝටර් රථයේ ගමන් ගත් තිදෙනෙකුට සුළු තුවාල සිදු වි ඇත.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැලිමඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරති.
( මංජුල සමින්ද / ප්‍රේමලාල් රත්නායක )