Home / Uncategorized / කාපට් මාර්ගයේ දෙපස කැලෑවවත් ඉවත් කරන්න ඌව පළාත් සභාවට බෑ ( Photos)

කාපට් මාර්ගයේ දෙපස කැලෑවවත් ඉවත් කරන්න ඌව පළාත් සභාවට බෑ ( Photos)

වැලිමඩ _ යාලගමුව ප්‍රධාන මාර්ගයේ කෝට්ටේගොඩ _ යාල ගමුව කොටසේ වැවී ඇති කැලෑව ඉවත් කිරීමට කොපමණ ඉල්ලීම් කලත් ඌව පළාත් සභාව ඉටු නොකරන බව ප්‍රදේශවාසීහු කියති.

කිලෝමීටර් විසි පහක් පමණ වන මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම මීට වර්ෂ කිහිපයකට පෙර සිදුවූ අතර මේ හේතුවෙන් ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවට සෙත සැලසුනහ.මෙම මාර්ගයේ මේ වන විට මහනුවර දක්වා පවා බස් රථ ගමන් කරති.

මේ වන විට දෙපස කැලෑ වැවී ඇති අතර අනතුරු දායක වංගු වල ගස් වැල් වැවී තිබීම හේතුවෙන් රිය අනතුරුද රැසක් සිදුවී තිබේ. කොන්ක්‍රීට් කාණු පද්ධතිය කැලෑවෙන් යට වීම හේතුවෙන් මර උගුලක් බවට මෙම මාර්ගය පත් වී ඇත. මාර්ගයේ මාර්ග සංඥා පුවරුද කැලෑවට යටවී ගොසිනි.

මාර්ගය දෙපස කැලෑ වැවී ඇති කොටස් කපා ඉවත් කර මාර්ගයේ අනතුරු දායක තත්වය යතා තත්වයට පත් කිරීමට මාර්ගයේ නඩත්තු කටයුතු භාර ඌව පළාත් සභාවට දැනුම් දුන්නද එය බීරි අලින්ට වීණා වැයීමක් වී ඇතැයි ප්‍රදේශ වාසීන් බදුල්ල නිවුස් වෙත පැවසූහ.

1

2

3

4

5

6

7

8

9

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *