Home / Uncategorized / රාජ්‍ය සේවය තවත් පුළුල් කරන්න අපහසුයි_ අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර

රාජ්‍ය සේවය තවත් පුළුල් කරන්න අපහසුයි_ අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර

රටේ දහ හතර ලක්ෂයකට අධික රාජ්‍ය සේවය පුළුල් කිරීමට තවත් අපහසු බව කම්කරු හා වෘත්තීය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පැවසීය.

අමාත්‍ය වරයා මේ අදහස් පල කලේ වැලිමඩ දඹවින්න ශ්‍රී සරණංකර විද්‍යාලයේදී පැවති රැකියා පොල සදහා සහභාගී වෙමිනි.

පවතින රාජ්‍ය සේවය මේ රටට ඔරොත්තු නොදෙන බව පැවසූ අමාත්‍ය වරයා ජ්‍යාතන්තර ආයතන වලින් ආධාර රාජ්‍ය සේවයට වැටුප් ගෙවීමට ලබා නොදෙන බවත් රට තුල එම ආදායම උත්පාදනය කල යුතු බවත් කීය. වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය වරයා පෞද්ගලික අංශයේ රැකියා තුලින් රාජ්‍ය සේවයට වඩා ඉහල වැටුපක් ලබා ගත හැකි බව පැවසීය.

ඉදිරියේ දී රටේ ඇතිවන දැවැන්ත ආයෝජන මගින් රට තුල විශාල රැකියා අවස්තා ප්‍රමාණයක් බිහිවන බව පැවසූ සමරවීර මහතා ඒ සදහා තරුණ තරුණියන් ආකල්පමය වෙනසක් ඇති කර ගත යුතු බවද කීය.

( ප්‍රේමලාල් රත්නායක /මංජුල සමින්ද / ආර්. කෝගුලන් )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *