බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපය තුල සේවයේ නියුති ගුරුවරුන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් (27 දා පස්වරුවේ ) විරෝධතාවයක නිරත වූහ.
හිග වැටුප් නොගෙවීම , උසස්වීම් නිසි ලෙස ලබා නොදීම , විදුහල්පති ශ්‍රේණිය සමත්ව පුහුණුව ලබා සිටින විදුහල්පතිවරුන්ට විදුහල්පති පත්වීම් ලබා නොදීම හා ආපදා ණය ලබා නොදීම යන කරුණු මුල් කරගනිමින් මෙම විරෝධතාවය පැවැත්වීය.
බණ්ඩාරවෙල නගරයෙන් ඇරඹ් විරෝධතා පා ගමන බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන කාර්යාලය දක්වා ගමන් කර එය ඉදිරිපිට පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූහ. ලංකා ගුරුසේවා සංගමය මගින් මෙය සංවිධානය කර තිබිණ.
( මංජුල සමින්ද /ප්‍රේමලාල් රත්නායක / කරුණාරත්න පල්ලේගම )