තම දහනව හැවිරිදි පෙම්වතිය ගැබිනියක කොල්ලකෑමේ යෙදවූ තරුණයෙකු වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිමඩ නාවෙල ප්‍රදේශයේ පදිංචි විසිහතර හැවිරිදි සැකකරු වැලිමඩ ඩයරබා ප්‍රදේශයේ පදිංචි දහනව හැවිරිදි තරුනියක් සමග ප්රේමසම්බන්ධතාවයක් ඇති කර ගෙන ඇය ගැබිනියක් කර තිබේ. පසුව තමා හට මුදල් අවශ්‍ය බව පවසා තරුනිය සොරකම් සදහා යොදාගෙන ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී තිබේ.
සැකකාර තරුණිය ඩයරබා ප්‍රදේශයේ මුලින්ම තම ඥාති නිවසක දෙලක්ෂ අසූපන්දහසක් වටිනා රන් භාණ්ඩ සොරාගෙන සැකකාර තරුණයාට ලබා දී ඇති අතර පසුව එම නිසින්ම රුපියල් අසූපන්දහසක් වටිනා ලැප්ටොප් පරිඝණකයක්ද සොරාගෙන තිබේ.
සොරාගත් භාණ්ඩ සැකකාර තරුණයා විසින් වැලිමඩ නගරයේ වෙළදසැල් සදහා අලෙවි කර මුදල් ලබා ගෙන තිබේ.
සැකකාර තරුණයා හා තරුණිය වැලිමඩ පොලිසියට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබේ.
(ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )