වැලිමඩ බොරලන්ද තැන්නේකුඹුර ගම්මානයේ පදිංචි නව හැවිරිදි තක්ෂිලා දිල්රුක්ෂි දැරිය කලක පටන් දරුණු චර්ම රෝගයකින් පීඩා විදී.
මේ හේතුවෙන් ඇගේ පාසල් ගමනටද බාධා එල්ල වී පවතින අතර රෝගය සදහා ඖෂධ ලබා ගැනීමට මාසිකව අවශ්‍ය මුදල් සොයා ගැනීමට නොහැකිව ඔවුන්ගේ පවුල දැඩි අසරණ භාවයට පත්වී සිටිති.
තක්ෂිලා දැරියගේ පියාවන එම්.පී. සුමණසේන මහතා මෙසේ පැවසීය.
මම කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ. දරුවෝ හත් දෙනෙක් ඉන්නවා. දරුවන්ගේ අම්මා පිට රට රැකියාවකට ගිහිල්ලා අතුරුදහන් වෙලා ඉන්නේ. එයා අගිය අතක් නෑ. මේ රෝගය නිසා දුවගේ මුළු ඇගේම තුවාල ඇති වෙලා ලේ ගලනවා. දරුවාගේ කටයුතු වත් මේ ලෙඩේ නිසා කර ගන්න අමාරුයි. බෙහෙත් වලට වියදම් යනවා ලොකුවට. අසරණ වෙලා ඉන්න අපි හරි අමාරුවෙන් මේක කරන්නේ. මොකද කොහොම හරි දරුවා ජීවත් කරන්න ඕනි. බෙහෙත් ටික වත් ගන්න කවුරු හරි අපේ අසරණකම බලලා උදව් කරනවා නම් ඒක ලොකු පිනක් .
දුරකථන අංක – 072 3028793 / 072 6060214 / 072 3540780
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )