බණ්ඩාරවෙල කොළතැන්න ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
කොළඹ සිට බදුල්ල දක්වා ඉංධන ප්‍රවාහනය කල බවුසර් රථයක් බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ කොළතැන්න දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 70 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ බවුසර් රථයේ රියදුරු සහ රිය සහයක වන අතර බවුසරය නිවාස දෙකකටද හානි සිදුකරමින් පෙරලී නිවසක මිදුලක් මත නතර වී තිබේ. මෙම අනතුරින් නිවාස දෙකට හා බවුසරයට දැඩි හානි සිදුව තිබේ.
මෙම අනතුර සිදුවීමත් සමග මෙම ස්ථානයේ සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව 52 ක් බව ප්‍රදේශවාසින් පවසති. අනතුර සිදුවූ ස්ථානයට එක් වූ ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් මාර්ගය අවහිර කරමින් බලධාරින්ගෙන් ඉල්ලා සිටියේ මෙම ස්ථානයේ මෙලෙස සිදුවන අනතුරු අවම කිරීම සදහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි. මේ සම්බන්ධව නිසි වැඩ පිළිවෙලක් සකස් කර මෙම ස්ථානයේ සිදුවන රිය අනතුරු සිදුවීම අවම කිරීමට බලධාරින් කටයුතු නොකලහොත් ලබන බදාදා ( 27 දා ) මෙම ස්ථානයෙන් මාර්ගය වසා දැවැන්ත විරෝධතාවයක නිරත වන බවයි.
( මංජුල සමින්ද / ප්‍රේමලාල් රත්නායක )