Home / Uncategorized / දෑස් අන්ධ පවුලට පිහිට වෙමු ( video )

දෑස් අන්ධ පවුලට පිහිට වෙමු ( video )

වැලිමඩ කැප්පෙටිපොල වැරැල්ලවත්ත ගම්මානයේ අසරණ වී සිටින උපතින්ම දෙනෙත් අන්ධ පවුලක් නිවසක් සාදා ගැනීමට උදව් ඉල්ලා සිටිති.

තිස් දෙවන වියේ පසුවන කේ.ජී. ප්‍රියන්ත හා විසි හතර හැවිරිදි උදේශිනි නිලූෂිකා අඹු සැමියන් වන අතර ඔවුන් හට උපතින්ම ඇස් නොපෙනෙති. දෙවන වියේ හා මාස දහයක පසුවන ඔවුන්ගේ දරුවන්ගේ දෙඇස් පෙනෙති.

ඔවුන් ජීවත් වන්නේ ස්වීප් ටිකට් විකුණා වන අතර හැකි පරිදි තමන්ගේ කටයුතු ඔවුන්ම කරගනිති. ඔවුන් ජීවත් වන්නේ පවුල් කිහිපයක් සිටින කුඩා නිවසකය. අන්ධ ඔවුන් හට තම දරු දෙදෙනාද සමග මෙම නිවසේ වාසය කිරීම අපහසු වී තිබේ. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 1.5 ක් දුරින් පවුලේ සැම දිවි ගෙවන නිවස වෙත අන්ධ භාවය නිසා ලගා වීමටද අපහසු වී තිබේ.

පරිත්‍යාගශීලින් ඇතොත් තම පවුල ගැන සලකා බලා මාර්ගයක් ආසන්නයෙන් නිවසක් සාදා දෙන ලෙස ඔවුන් ඉල්ලති.

කේ.ජී. ප්‍රියන්ත මහතාගේ දුරකථන අංකය – 071 9272643

( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *