හපුතලේ _ වැලිමඩ මාර්ගයේ තංගමලේ එඩිසම් බංගලාව අසල දුම්රිය හරස් මාර්ගයේදී මවක් සහ දියණියක් දුම්රියට පැන ඇති අතර මෙහිදී මව මිය ගොස් දියණිය තුවාල ලබා තිබේ.
ඊයේ රාත්‍රියේ ( 17 දා ) 9.00 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති අතර බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රි දුම්රියට මොවුන් දෙදෙනා පැන තිබේ. මොවුන් වැල්ලවාය මල්අත්තාවල ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර මව තිස් දෙවන වියේ පසුවන අතර තුවාල ලැබූ ඇගේ දියණිය එකොලොස් හැවිරිදි වියේ පසුවෙති.
තුවාල ලැබූ දැරිය දියතලාව මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර පවුල් ආරවුලක් මත මෙය සිදුවී ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලිවී තිබේ.
( ප්‍රේමලාල් රත්නායක )