රසායනික පොහොර මිල ඉහල යෑම නිසා අර්තාපල් වගාව කරගෙන යෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි ඌවේ අර්තාපල් ගොවියෝ කියති.
පෙර කන්න වලට වඩා මෙවර වගා කන්නයේදී නිෂ්පාදන වියදම තුන් ගුණයකින් ඉහල ගොස් ඇතැයි පවසන ගොවීහු රජය පෙර කන්නවලදී මෙන් විදේශිය අර්තාපල් ආනයනය කල හොත් තමන් හට වස බීමට සිදුවනු ඇතැයි ගොවීහු කියති.
ඌව පරණගම ගොවිමහතෙකු වන එම්.පී.ඒ. සරත්චන්ද්‍ර මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය
ඌවේ අර්තාපල් වගා කරන ගොවියෝ මේ වන විට දැඩි අසරණ තත්වයට පත් වෙලා. රසායනික පොහොර මිල ඉහල යෑම නිසා නිෂ්පාදන වියදම තුන් ගුණයකින් වැඩි වෙලා. රජය දෙන සහනාධාර පොහොර කීයටවත් ප්‍රමාණවත් නෑ. කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ අනුමත ප්‍රමාණය දැම්මට අස්වැන්න වැඩි වෙන්නේ නෑ. ගොවියෝ ඒ ක්‍රම වලට යොමු කිරීමේ හරි වැඩ පිළිවෙලක් නැ. සමහර ගොවියෝ ණය වෙලා අර්තාපල් වගා කරලා අර්තාපල් පස් දාගන්න පොහොර ටිකක් ගන්න බැරිව ලත වෙනවා.
ගිරාඹේ ප්‍රදේශයේ ගොවියෙකු වන එම්.එම්. උදයසිරි මහතා
පොහොර සහනාධාරය වගා කන්නයකට වී පෑලකට ලැබෙන්නේ රුපියල් එක්දහස් දෙසිය හැටයි. රසායනික පොහොර මිටියක් රුපියල් තුන්දහස් දෙසියක් වෙනවා. වී පෑලක අර්තාපල් හොන්ඩර් 4 ක් වත් හැදෙනවා. එතකොට වගාවට අවම තරමේ පොහොර මිටි හතරක් වත් දාන්න ඕනි. එතකොට වියදම රුපියල් දොලොස්දහස් අටසීයක් වෙලා. එක්දහස් දෙසිය පනහට පොහොර මිටිය ගත්ත කාලේනම් ගැටළුවක් නෑ. මේ පොහොර මිල ඉහල යෑම නිසා වගාව කරගෙන යන්න බෑ. කුකුල් පොහොර මිටියක් පවා රුපියල් එකසිය හැත්තෑවක් වෙලා.
වැලිමඩ ගිරාඹේ ගොවියෙකු වන බී.ආර්. පත්මසිරි මහතා
අද මේ පොහොර ගැටළුව හින්දා ඌවේ අර්තාපල් වගාව බිද වැටිලා. පවතින ආර්ථික තත්වයත් එක්ක කුලි කාරයෙකුට දවසකට රුපියල් දාහක් ගෙවන්න වෙලා. අගෝස්තු මාසයේ අවසානයේ යල් කන්නයේ දේශීය අර්තාපල් අස්වනු දේශීය වෙළද පොලට එනවා. පෙර කන්න වලදී වගේ මේ සැරෙත් පිටරටින් අල ගෙනාවොත් නිෂ්පාදන වියදමවත් අපිට හොයා ගන්න බැරි වෙනවා. අඩුම ගනනේ රුපියල් සියයටවත් අල අස්වනු දී ගන්න බැරි වුනොත් අපිට වෙන්නේ වහ බොන්න.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )