මහජනතාව හා පොලිසිය අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව හා මහජනතාවට වඩාත් සුහදශීලි සේවාවක් ගොඩනැගීමේ අරමුණ ඇතිව සංවිධානය කල පොලිස් ජංගම සේවාවක් පසුගියදා වැලිමඩ හෙවණකුඹුර විද්‍යාලයේදී පැවැත්වින.
වැලිමඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනුරාධ හේරත් මහතාගේ මූලිකත්වයෙන් ප්‍රජා පොලිස් ඒකකය විසින් මෙය සංවිධානය කර තිබූ අතර මෙම ජංගම සේවාව බණ්ඩාරවෙල කොට්ටාශ භාර සහකාර පොලිස් අධිකාරි ඩබ්.එම්.ජේ.බී. විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.
මෙම ජංගම සේවාවේදී කාබනික වගාව පිළිබදව ගොවීන් දැනුවත් කිරීමට ප්‍රධාන තැනක් දී තිබීම මෙහි විශේෂත්වයක් විය. මෙහිදී වැලිමඩ ෆැමිලි ෆාම් කාබනික පොහොර නිෂ්පාදන ආයතනය හා එක්ව නොමිලයේ ගොවීන් සදහා කාබනික පොහොර බෙදා දීමද සිදු කෙරින.
( මංජුල සමින්ද / ප්‍රේමලාල් රත්නායක )