ඌව පරණගම තෙල්හවඩි ගම ප්‍රදේශයේදී ග්‍රාම නිළධාරිනියකගේ ගෙල කපන බවට තර්ජනය කල පුද්ගලයෙකු ඌව පරණගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල් හවඩිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ගස් කිහිපයක් කැපීම සදහා ඌව පරණගම ප්‍රාදේශීය ලේකම්ගෙන් අවසර ඉල්ලා ඇත. එම ඉල්ලීමට අනුව ඒ ගැන සොයා බලා වාර්ථාවක් ලබා දෙන ලෙස එම ප්‍රදේශය භාර ග්‍රාම නිළධාරිනියට ප්‍රාදේශීය ලේකම් වරයා උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව අදාල පරික්ෂණය සදහා ග්‍රාම නිළධාරිනිය අදාල ස්ථානයට යන විට ගස් කිහිපයක් කපා තිබෙන අයුරු දැක ඇති අතර ඒ අවස්ථාවේදී එම කටයුත්ත නීති විරෝධී බව ග්‍රාම නිළධාරිනිය අදාල පුද්පගලයන්ට පවසා තිබේ.
ඒම අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු ගස් කැපීම සදහා භාවිතා කල කියත ( වෙන්සෝ ) ග්‍රාම නිළධාරිනියගේ ගෙලට තබා තර්ජනය කර තිබේ.
අදාල සිද්ධිය සම්බන්ධව ග්‍රාම නිළධාරිනිය විසින් ඌව පරණගම පොලිසියට කල පැමිණිල්ලක් මත අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඌව පරණගම පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධව වැඩි දුර පරික්ෂණ සිදු කරති.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද / ආර්.කෝගුලන් )