Home / Editors Choice / පොලිස් නිලධාරීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක්

පොලිස් නිලධාරීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක්

පොලිස් නිලධාරීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන තිබේ.

එහි ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේ, පසුගිය බ්‍රහස්පතින්දා රැස් වූ කොමිසමේ සැසිවාරයේදී ඊට අනුමැතිය පළ වූ බව ය.

පොලිස් නිලධාරීන් මහජනතාව සමග ක්‍රියා කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය මෙන් ම ඔවුන්ට ආචාර ශීලී වීම පිළිබඳව ද මෙම ආචාර ධර්ම පද්ධතියට ඇතුළත් වනු ඇති.

පොලිස් නිලධාරීන්ගේ මහජන වගකීම පිළිබඳව ද මෙම ආචාර ධර්ම පද්ධතියට ඇතුළත් කර ඇති බව ලේකම්වරයා සඳහන් කළේ ය.

මෙම ආචාර ධර්ම පද්ධතියට පොලිස් නිලධාරීන්ගේ අත්සන හා ප්‍රතිඥාවක් ලබා ගැනීමට පියවර ගන්නා බව ද ඔහු පැවසී ය.
Thanks to newsfirst

About premalal

Check Also

ජැක්සන් ඇන්තනීගේ දේහයට ගෞරව දැක්වීමට අවස්ථාව

අභාවප්‍රාප්ත ප්‍රවිණ රංගධර ජැක්සන් ඇන්තනී ගේ දේහය අද උදෑසන 7යි 30 සිට රාත්‍රී 11 දක්වා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *