බෝඹුරු ඇල්ලෙහි දිය නෑමට ගිය තරුණයෙකු ඊයේ ( 19 දා ) පස්වරුවේ දියේ ගිලී අතුරුදන්ව ඇතැයි ඌව පරණගම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වැලිමඩ – වැලිමඩගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක තරුණයෙකි. යහළුවන් අට දෙනෙකු ඊයේ දින ප්‍රදේශයේ පොසොන් දන්සැල් සදහා හා විහාරස්ථාන වලට ගොස් ඇති මොවුන් පස්වරු 5 ට පමණ බෝඹුරු ඇල්ලෙහි සිරි නැරඹිමටද ගොස් තිබේ. එම අවස්ථාවේ මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී තිබේ.
ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව අතුරුදන් තරුණයාගේ සිරුර සොයා මේ වන විට පුළුල් මෙහෙයුමක් දිය කර ඇතැත් අතුරුදන් තරුණයාගේ සිරුර මෙතෙක් සොයා ගෙන නොමැත අතර සිද්ධිය සම්බන්ධව ඌව පරණගම පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවති.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )