වැලිමඩ විජය විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු පොසොන් මහ පෙරහැර 16 වන වතාවටත් අද වැලිමඩ නගරයේ විදි සංචාරය කලේය.
විවිධ සංස්කෘති අංගයන් විශාල ප්‍රමාණයකින් හැඩ වුණු මෙම අලංකාර පෙරහැර සදහා විජය විද්‍යාලයේ සිසු දරු දැරියන් තුන්දහසකට අධික ප්‍රමාණයක් එක්ව සිටියහ. විජය විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.සී.එල්. දසනායක මහතාගේ උපදෙස් පරිදි පාසලේ ගුරු මණ්ඩලය , සිසු දරුදරියන් හා දෙමාපියන් එක්ව මෙය සංවිධානය කර තිබිණ.
මෙම පෙරහැර සදහා සහභාගී වූ සිසු දරු දැරියන් සදහා වැලිමඩ නගරයේ වෙළද ප්‍රජාව, කුලී රථ සංගමය හා ධානපතියන් එක්ව දන්සැලක්ද පවතිවන ලදී.