දිවුරුම්වෙල පුරාණ විහාර්ස්ථානයේ ඉපැරණි බෝධිය කැපුවේයැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු විහාරාධිපති උණපානේ චන්දවිමල හිමියන් සහ අනෙක් සැකරුවන් තිදෙනා මේ මස 27 වන දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කලේය.
අප්‍රේල් 29 වන දා දිවුරුම්වෙල විහාරස්ථානයේ ඉපැරණි බෝධිය කපා ලී ඉරුවේයැයි සැකපිට වැලිමඩ පොලිසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණ. විහාරස්ථ දායක සභවෙන් ප්‍රශ්ණ කිරීමට අදාල කටයුතු මේ වන තෙක් අවසන් වී නොමැති බව වැලිමඩ පොලිසිය මගින් අධිකරණයට දැන්වීමෙන් පසු මෙලෙස යලි රක්ෂිත බන්ධනාගාර කිරීමට වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලේය.