දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ බෝධීන් වහන්සේ කපා ලී ඉරූ විහාරාධිපති උණපානේ චන්දවිමල හිමියන් ඇතුළු සැකකරුවන් තිදෙනා යලිත් ජූනි මස 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙස වැලිමඩ මහේස්ත්රාත් ධම්මික රාමනායක මහතා අද නියෝග කලේය.
පසුගිය 16 වන දින මොවුන් වැලිමඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබූ අතර අද දින යලි මහේස්ත්රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.