Home / Uncategorized / ඥාණසාර හිමි දිවුරුම්වෙල කපා දැමූ බෝධිය නිරීක්ෂණයක – ( PHOTOS )

ඥාණසාර හිමි දිවුරුම්වෙල කපා දැමූ බෝධිය නිරීක්ෂණයක – ( PHOTOS )

පසුගිය දා විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් කපා දමා ලෑලි ඉරූ දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ බෝධීන් වහන්සේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ගේ නිරික්ෂණයට අද ලක්විය.

දායක සභවේ ඉල්ලීමක් මත ඥාණසාර හිමියන් විහාරස්ථානයට වැඩම කළ අතර දායකයන් හමුවී සිදුවූ කරුණු පිළිබදව උන් වහන්සේ සාකච්ඡාවකද නිරත වූහ. මෙහිදී බදුල්ල නිවුස් වෙත අදහස් දැක්වූ ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් ප්‍රකාශ කලේ පුරා විද්‍යා බලධාරීන් හා අදාල පාර්ශව තමන් දැණුවත් කරන බවත් මේ සිද්ධියේදී ඉදිරියටත් දායකයන්ට ශක්තිය දෙමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවත්ය.

මෙහිදී මහානායක හිමියන්ට සිද්ධිය පිළිබදව දැනුවත් කිරීමට අවශ්‍ය උපදෙස් ඥාණසාර හිමියන් දායකයන්ට ලබා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඥාණසාර හිමියන් කියා සිටියේ මේ වන විට ඉංදියානු ව්‍යාප්තවාදය විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වන බවත් ඉපැරණි බෝධීන් වහන්සේ කපා සීතා කෝවිලක් මෙම බෞද්ධ විහාරස්ථානයේ ඉදිකිරීමට කටයුතු කිරීම ඉන් එක් පියවරක් බවත්ය.

S2450002

S2450003

S2450004

S2450019

S2450029

S2450031

S2450032

S2450033

S2450035

S2450036

S2450044

S2450048

S2450054

S2450056

S2450059

S2450060

( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *