ඌව පළාත් සභාව නියෝජනය කරනු ලබන කිරුළපන පැවති ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී වරුන් හට පක්ෂය මගින් විනය පරික්ෂණයක් පැවැත්වුවහොත් ඌව පළාත් සභාවේ බල පෙරළියක් සිදුවිය හැකි බැව් දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඌව පළාත් සභාව මන්ත්‍රී වරුන් 34 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් බහුතරය වන මන්ත්‍රීවරුන් 18 දෙනෙකු බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තේරි පත්වී තිබිනි.මේ වන විට එක්සත් ජාතික පක්ෂයේද සහයෝගය ඇතිව හවුල් පළාත් සභාවක් විවිධ බාධක හා හැල හැප්පීම් මත ඌවේ පවතී.
පසුගිය මැයි රැළිය සදහා ඌව පළාත් සභාවේ එජනිස යේ මන්ත්‍රී වරු බහුතරයක් සහභාගී වූයේ කිරුළපන පැවති ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට වන අතර ඌව පළාත් සභාවේ තනතුරු දරණ කිහිපදෙනෙකුද මෙම මැයි රැළියට එක්වී සිටියහ.
පක්ෂය මගින් විනය පරික්ෂණ තබා තම තනතුරු වලට යම් ගැටළුවක් වුවහොත් ඌව පළාත් සභවේ බල පෙරළියක් වුවද සිදු විය හැකි බැව් පළාත් සභා සමීප ආරංචි මාර්ග පවසයි.