සම්බුදු තෙමගුල අර්ථවත් කරමින් නාය යෑමෙන් හා ජල ගැලීම් වලින් විපතට පත්වූවන්ට පිහිට වීමට සෑම බෞද්ධයෙක්ම කටයුතු කල යුතුව ඇතැයි උඩරට අමරපුර නිකායේ වැඩ බලන මහ නායක නුවරඑළියේ චන්ද්‍රජෝති නා හිමියන් බදුල්ල නිවුස් වෙත ප්‍රකාශ කලේය.
මේ වන විට මහා සංඝරත්නය පිංඩපාත චාරිකාවේ නිරත වෙමින් අවතැන් වූවන්ට ආධාර එකතු කරන අතර පළාතේ විහාරස්ථාන වලටද ද්‍රව්‍යමය ආධාර අවතැන් වූවන් සදහා ලබා දීමට එකතු කරමින් සිටින බව උන් වහන්සේ වැඩි දුරටද වදාලහ.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )